කරු ට ලංකාවේ ඉහළම ජාතික සම්මානය!

හිටපු කථානායක දේශබන්දු කරු ජයසූරිය මහතාට ශ්‍රී ලංකාවේ ඉහළම ජාතික සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය ගෞරව නාමය පිරිනැමීමට තීරණය කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගත් බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
2023 පෙබරවාරි 03 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන උත්සවයකදී ජනාධිපතිතුමා විසින් පෞද්ගලිකව මෙම ගෞරව ලාභියා වෙත පිරිනැමීමට නියමිතය.