අද සිට උසස් පෙළ විභාග කාලය තුළ විදුලිය විසන්ධි නොකරන බව දන්වයි!

පාර්ශව ගණනාවක් අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකරන ලෙසට දැනුම් දුන්නද විදුලිබල අමාත්‍යංශය පවසා සිටියේ විදුලිය විසන්ධි නොකර සිටීමට නොහැකි බවකි.
නමුදු අද (25) දින එම තීරණය වෙනස් කරමින් අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට විදුලිබල අමාත්‍යංශය හා මහජන උපයෝගීතා කොමිසම ඇතුළු සියලුම පාර්ශව එකළඟතාව පළකර ඇති බව හා එම නිර්දේශය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බව මානව හිමිකම් කොමිසම නිවේදනය කර තිබේ.
ඒ අද සිට උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය දක්වයි.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබිණ.