සංජීව සහ ආනන්ද පාලිත අත්අඩංගුවට ගැනීමට PUCSL සභාපති වගකිව යුතුයි! – අසේල සම්පත්

විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සම්පුර්ණයෙන් වගකිවයුතු බව ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා චෝදනා කරයි.
ඒ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මෙම චෝදනාව එල්ල කර තිබේ.
පසුගියදා මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකයින් දෙදෙනකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චොදනා මත ඔවුන්ව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබිණ.
ඒ අනුව එළඹෙන 26 වනදා දක්වා ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
