ඡන්ද දිනය ගැසට් නොකිරීම ගැන කොමිසමේ සභාපති හේතු කියයි!

 ඡන්ද දිනය ගැසට් නොකිරීම ගැන කොමිසමේ සභාපති හේතු කියයි!

මේ වනවිට මැතිවරණ කොමිසම විසින් මාර්තු 09 වනදා පවත්වන බවට මාධ්‍ය නිවේදන නිකුත් කර ඇති පළාත් පාලන මැතිවරණයේ එම දිනය ගැසට් කොට නොමැති හේතුව බොහෝදෙනෙකු ප්‍රශ්න කරමින් තිබේ.

මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා හිරු රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාමය වැඩසටහනකට එක්වෙමින් හේතු පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.

ප්‍රශ්නය – ඔබතුමාටවත් විශ්වාසයක් තියෙනවාද මාර්තු 09 වෙනිදා මේ මැතිවරණය තියෙයි කියලා ?

“මෙතන ඉතින් විශ්වාසය පිළිබඳ ගැටලුවක් නෙවෙයි තියෙන්නෙ. කොමිසමක් හැටියට අපට තියෙන්නෙ නීත්‍යානුකූල වගකීමක් ඉෂ්ට කරන්න. අපි ඒ නීත්‍යානුකූල වගකීම ඉෂ්ට කරගෙන යනවා. ඒ අනුව අපි මාර්තු 09 ඡන්දය තියන්න සැලසුම් කරගෙන යනවා. ඊට අවශ්‍ය මූලික කාරණා ඔක්කොම කරගෙන යනවා”

ප්‍රශ්නය – සමහරු ප්‍රශ්න කරලා තිබුණා ඇයි මේකට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළේ නැත්තෙ කියලා ?

“ඒක තමයි, ඒක ගැන අනවබෝධයෙන් හා පූර්ණ අධ්‍යනයකින් තොරව තමයි ඒ කතාව කියලා තියෙන්නෙ. මොකද පළාත් පාලන මැතිවරණවල දිනය ප්‍රකාශ කරන්නෙ කොමිසම නෙවෙයි. ඒක ප්‍රකාශ කරන්නෙ ඒ ඒ ආයතන මට්ටමෙන් තේරීම් භාර නිලධාරීන්. කොමිසම විසින් ඒ දිනයට එකඟත්වය ලබාදීම කරන්නෙ. සාමාන්‍ය සම්ප්‍රදාය තියෙන්නෙ නාමයෝජනා භාරගත්තාට පස්සෙ ඒ ප්‍රදේශවල තේරීම් භාර නිලධාරීන් දිනයක් ඒ එකඟත්වය අනුව ප්‍රකාශ කරනවා. ඊට පස්සෙ ඒක ගැසට් කරන්න දිනය විතරක් බෑ. ඒක ගැසට් කරනකොට ආයතන කොච්චරද, මොන පක්ෂද තරග කරන්නෙ, කවුද අපේක්ෂකයින්ගෙ නම්, මොනවද ඡන්ද කොට්ඨාස, මේ සියල්ල උපලේඛන එක්ක තමයි දිනය ගැසට් කරන්නෙ”

Newspedia 02

Related post