ඡන්දෙට සල්ලි නෑ කියපු ලේකම් වෙනස් වෙලා! – “මම එහෙම එකක් කීවේ නෑ”

පසුගිය දින මැතිවරණය සඳහා මුදල් නොමැති බව පැවසූ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අද (24) දින තමන් එවැනි දෙයක් නොකී බව පවසා තිබේ.
අද දිනයේදී පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුව හමුවට ඒ මහතා මෙලෙස පැවසු බව එම කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතා ට්විටර් සටහනක් තබමින් පවසයි.
එපමණක් නොව මුදල් සොයාගැනීම අපහසු වුවත් අවශ්‍ය නම් මැතිවරණයට මුදල් සොයාගත හැකි බවද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පවසා තිබේ.