ඡන්දයට සල්ලි ඉල්ලා මැතිවරණ කොමිසමෙන් ලිපියක්!

පළාත් පාලන මැතිවරණයේ වියදම් සඳහා මුදල් ඉල්ලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද දින ලිපියක් යොමු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට ඇති බව වාර්තා වේ.
දැනට ලැබී ඇති මුදල්වලින් මැතිවරණයට අදාළ මූලික කටයුතු සිදු කෙරෙමින් පවතින බවද කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි!
නමුදු ප්‍රමාණවත් මුදලක් නොලැබුණහොත් මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසා ඇති අතර මේ හේතුවෙන් වහාම මෙම ලිපිය යොමුකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයට වැයවන මුදල රුපියල් බිලියන 10 ක් බවට ගණන් බලා ඇති බවත් මේ වනවිට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් මුදල් අමාත්‍යාංශයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ඉකුත් මාසයේදී ලබාදී ඇති බවත් පැවසේ.
කෙසේ නමුදු මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ මැතිවරණය සඳහා මුදල් ලබාදීමට හැකියාවක් නැති බවයි.