උතුරු නැගෙනහිර නායකයන්ගේ ඉල්ලීම් ඉටුවෙයි! – ‘පොලිස් සහ ඉඩම් බලතල’ ලැබෙයි!

 උතුරු නැගෙනහිර නායකයන්ගේ ඉල්ලීම් ඉටුවෙයි! – ‘පොලිස් සහ ඉඩම් බලතල’ ලැබෙයි!

උතුරු නැගෙනහිර පළාත් දමිළ දේශපාලන නායකයන් මෙතරම් කාලයක් ඉල්ලීම් සිදුකරමින් සිටි ‘පළාත් මට්ටමින් පොලිස් සහ ඉඩම් බලතල’ ලබාදීමේ ඉල්ලීමට රජය එකඟ වී ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව එම තීරණයට අදාළව මෙරට පළාත් 09 ටම එම හිමිකම ලබාදීමටත් ඒ ඔස්සේ සෑම පළාත් සභාවක් සඳහාම එක් නියෝජ්‍ය පොලිස්පතිවරයකු බැගින් 09 දෙනෙක් පත් කිරීමට තීරණය වී තිබේ.

එහිදී කොළඹ නගරාසන්න සහ අවම පාලනයට තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරනු ලබයි.

මෙම එකඟ තාවයන් සිදුව ඇත්තේ රජය වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි සහ ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දා, ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්, එම්. සුමන්තිරන් යන මහත්වරුන් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සමඟ පවතී සාකච්ජාවකින් අනතුරුවයි.

ඒ අනුව මේ සඳහා ඉඩම් කොමිසමක්ද ස්ථාපිත කිරීමට තීරණය කර ඇති අතර චෝදනා රහිතව සිටින ද්‍රවිඩ සැකකරුවන් පස්දෙනකු නිදහස් කිරීමට ද එහිදී රජය එකඟ වී තිබේ.

Newspedia 02

Related post