අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්!

විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත වසර 04 ක සිර දඬුවම් නියම කර තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කරමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර තීරණය සහතව මෙම දඬුවම නියම කරන ලදී.
ඊට අමතරව ඔහුට රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් මාස 06 ක සිර දඬුවම්ද නියම කර ඇති බව වාර්තා වේ.
විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න රාජපක්ෂවරුන් බලයට ගෙන ඒම සඳහා දැඩි කැපකිරීමක් සිදුකළ අතර ඔහු විසින් යහපාලන රජයට එරෙහිව සිදුකළ විරෝධතා සහ මාධ්‍ය හමු තුළදී අධිකරණයට අපහස වන ප්‍රකාශ සිදුකිරීම නිසාවෙන් මෙම දඬුවමට යටත් වීමට සිදුවිය.