සඳ මත පා තැබූ දෙවැනි මිනිසා, 93 වැනි උපන් දිනය දා විවාහ වෙයි!

1969 දී නීල් ආම්ස්ට්රෝං සමග සඳ මත පා තැබූ දෙවැනි මිනිසා වන එඩ්වින් ඕල්ඩ්රින් ඔහුගේ 93 වැනි උපන් දිනය දා නැවත විවාහ දිවියට එළඹ තිබේ.
ඔහුගේ දීර්ඝ කාලීන ආදරවන්තිය වන ඇන්කා ෆෝර් සමග විවාහ වූ බව එඩ්වින් ඕල්ඩ්රින් තම ට්විටර් ගිණුම හරහා නිවේදනය කර තිබේ.
ඔහු මෙලෙස යුග දිවියට එලැඹෙන්නේ සිව්වැනි වරටයි.
“මගේ 93 වැනි උපන් දිනය සහ ජීවමාන ලෙජන්ඩ්ස් ඔෆ් ඒවියේෂන් විසින් මමද ගෞරවයට පාත්ර වන දිනයේදී මගේ දිගුකාලීන ආදරය වන ආචාර්ය ඇන්කා ෆෝර් සහ මම විවාහ ගිවිස ගත් බව මා සතුටින් ප්රකාශ කර සිටිනවා” ඕල්ඩ්රින් ලිවීය. “අපි ලොස් ඇන්ජලීස් හි කුඩා පෞද්ගලික උත්සවයකදී ශුද්ධ වූ විවාහයට ඇතුළු වුණේ, නව යෞවනයන් වගේ උද්යොගයෙන් යුතුවයි.”