විදුලි කප්පාදුවේ කාලය අඩු කරයි!

 විදුලි කප්පාදුවේ කාලය අඩු කරයි!

විදුලි කප්පාදුව අඩුකර ඇති බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි.

ඒ අනුව විදුලි කප්පාදුව පැය 2ක දක්වා අඩුකර තිබේ.

මේ අතර ජනවාරි 23 සහ පෙබරවාරි 17 වනදා අතර කාලය තුළදී විභාගය පැවැත්වෙන දිනවලට පෙර දිනයන්හිදී රාත්‍රී 7න් පසුව විදුලි කප්පාදුව සිදුනොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබේ.

එහිදී උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි වියහැක්කේ පසුගිය කාලසීමාව තුළ බලධාරීන් විසින් ගත් අත්තනෝමතික ක්‍රියාපිළිවෙත් හේතුවෙන් බව විදුලි ඉංජිනේරු සංගමය චෝදනා කරයි.

අද (23) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවසුවේ විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන සහ ගල්අඟුරු නිසි කාලසීමාවන්හී දි ලබාදුන්නේ නම් මෙම ගැටලුව ඇති නොවන බවය.

Newspedia 02

Related post