ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමක් ලබන බදාදා

 ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමක් ලබන බදාදා

ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමක් ලබන බදාදා (25) දින පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ බදාදා උදෑසන 9.30 ට මෙම රැස්වීම ආරම්භ වන බවය.

මේ අතර පාර්ලිමේන්තුවේ කථානායක, අග්‍රාමාත්‍ය සහ විපක්ෂ නායක යන තිදෙනාගේ එකඟතාව මත කථානායකවරයා විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනා මත පදනම්ව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන පුද්ගලයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ලෙස පත් කරනු ලැබීය.

ඒ අනුව,

  1. ආචාර්ය ප්‍රතාප් රාමනුජම්
  2. වෛද්‍ය දිල්රුක්ෂි අනුලා විජේසුන්දර
  3. ආචාර්ය වැලිගම විදාන ආරච්චිගේ දිනේෂා සමරරත්න

යන අය ව්‍යවස්ථාදායක සභාවට පත් කරනු ලැබිණ.

රාමනුජම් මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර දශකයකට අධික කාලයක් අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත.

විජේසුන්දර මහත්මිය වෘත්තියෙන් වෛද්‍යවරියකි.

සමරරත්න මහත්මිය නීති විද්‍යාර්ථයෙකු වන අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරයි.

Newspedia 01

Related post