යාපනය නගරාධිපති පුටුවේ ගැටුමක්! – හිටපු නගරාධිපති උසාවි යයි!

යාපනය නගරාධිපති වශයෙන් හිටපු නගරාධිපති එමානුවේල් ආර්නෝල්ඩ් මහතා වැඩ බාර ගැනීමත් සමග ඉල්ලා අස්වූ මහනගරාධිපති වී. මණිවන්නන් මහතා ඊට දැඩි විරෝධය පල කරමින් අධිකරණ ක්‍රියාමාර්ගයක පිවිසෙන බව පැවසීය.
යාපනය මහනගරසභාවේ 2023 වසර සඳහා වූ අයවැය දෙසැම්බර් 22 වනදා ඉදිරිපත් කිරීමේදී එය පරාජය වීමෙන් පසු නගරාධිපතිව සිටි වී. මණිවන්නන් මහතා දෙසැම්බර් 30 වන දින ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබුණි.
අනතුරුව ජනවාරි 19 වනදින උතුරු පලාත් මැතිවරණ කොමසාරිස් කාර්යාලය මගින් දෙමළ ජාතික සන්ධානයේ එමානුවේල් ආර්නොල්ඩ් මහතා නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීය.
එමානුවේල් ආර්නෝල්ඩ් මහතා 2018 වසරේදී යාපනය මහනගර සභාවේ නගරාධිපති වශයෙන් වැඩභාරගත් අතර පසුව 2020 වසරේ දෙසැම්බර් මස 2021 වසර සඳහ වූ අයවැය ඉදිරිපත් කිරීමේදී එය පරාජයට පත්වී නගරාධිපති තනතුරින් ඉවත්වීමෙන් පසුව නව නගරාධිපති ලෙසින් දෙමළ ජාතික ජනතා පෙරමුණෙන් තරඟ කල විශ්වලිංගම් මණිවන්නන් මහතා තේරීපත් විය.
කෙසේ වෙතත් ඊයේ දින යාපනය දිස්ත්‍රීක්ලේකම් කාර්යාලයේදී පලාත් පාලන මැතිවරනය සඳහා නාමයෝජනා භාරදීමට පැමිණි හිටපු නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ,
‘ එමානුවේල් ආර්නෝල්ඩ් මහතා නගරාධිපති වශයෙන් පත්වීම කිසිසේත් අනුමත කල නොහැකි බවටත් එය පලාත් පාලන නීති උල්ලංඝනය කිරීමක් බැවින් තමන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවටය.
lanka c news