තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්!

 තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්!

මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් (23) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ අනුව අද දින දහවල් 12 වනතෙක් ඡන්ද දායකයින්ට තැපැල් ඡන්ද අයැදුම් කිරීමේ අවස්ථාව පවතින එම නිවේදනයේ දැක්වේ.

ඒ සඳහා තමන් පදිංචි ප්‍රදේශයේ ළඟම පිහිටි මැතිවරණ කාර්යාලයට තැපැල් අයැදුම්පතක් භාරදිය හැකියි.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පදිංචි තැපැල් ඡන්ද අයැදුම්කරුවෙකුට, සිය අයැදුම්පත්‍රය රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යලය වෙත අද ලබාදිය හැකි ය.

Newspedia 02

Related post