කුරුණෑගලට නව නගරාධිපතිවරයෙක්!

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයාව සිටි තුෂාර සංජීව විතාරණ එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසුව පුරප්පාඩුව පවතින නගරාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා නව නගරාධිපතිවරයෙක් පත් කොට තිබේ.
සුමිත් කුමාර උඩවාසලගේ මහතා ඊට අදාළ පත්වීම් ලිපිය වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අතින් අද (23) ලබාගත්තේය.
උඩවාසලගේ මහතා කුරුණෑගල නියෝජ්ය, නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය.