ආදිවාසී අයිතීන් පැමිණිල්ල ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය!

ආදිවාසී ප්‍රජාවේ නායකයින් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත පිළිගැනීම සහ අනෙකුත් අයිතිවාසිකම් ඉල්ලා කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම කොමිෂන් සභාව නිවේදනය නිකුත් කරමින් පවසයි.
දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ඇතුළු වැදි ගෝත්‍රික නායකයන් පසුගියදා කොමිෂන් සභාව වෙත පැමිණ අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළහ.
- ආදිවාසී ප්‍රජාව සඳහා ව්‍යවස්ථාපිත පිළිගැනීමක් නොමැතිකම
- ඔවුන්ගේ සමාජ-ආර්ථික, සංස්කෘතික සහ ප්‍රජා අයිතීන් සහතික කෙරෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීම
- ආදිවාසි ප්‍රජාවගේ සම්ප්‍රදායික අයිතීන් පිළිබඳ කිසිදු සංවේදීතාවකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීම
- වත්මන් නීති යටතේ ඔවුන්ගේ සම්ප්‍රදායික ජීවනෝපාය ක්‍රියාකාරකම් අපරාධ ලෙස සැළකීම
යනාදිය පැමිණිල්ලේ සඳහන් කර ඇති ප්‍රධාන කරුණු වේ.
- පරිසර අමාත්‍යාංශය
- වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
- පොලිස් දෙපාර්තමේන්තුව
- මහවැලි සංවර්ධන අධිකාරිය
- වාරිමාර්ග දෙපාර්තමේන්තුව
- ඉඩම් අමාත්‍යාංශය
- සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
- පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
- ධීවර දෙපාර්තමේන්තුව
- වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව
යන රාජ්‍ය ආයතන අදාළ පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කොමිසම ජනවාරි 27 වනදා රැස්වීමට නියමිතය.