වෙන්නප්පුව නාමයෝජනා සිරිකොතේ තාප්පෙ උඩ?

වෙන්නපුව ප්‍රාදේශීය සභාවට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂය සැකසු අපේක්ෂක නාම යෝජනා සිරිකොත පක්ෂ මුලස්ථානයේ අමතක වී පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වේ.
මේ හේතුවෙන් නාම යෝජනා භාර දීමට නොහැකි වී තිබෙන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්ත්වය සමඟ වෙන්නපුව ප්‍රාදේශීය සභාවට මෙවර පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමට අවස්ථාව අහිමි වී යනු ඇත.
නාම යෝජනා භාර ගැනීම ඊයේ (21) දිනයෙන් අවසන් වූ අතර නාම යෝජනා භාර දීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලට වෙන්නපුව ආසන සංවිධායක සරත් බරන්පොල මහතා පැමිණිය ද ඒ වන විට එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අමතක වී ඇති බව තහවුරු වී තිබේ.
නාම යෝජනා අමතක වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසළ රැඳී සිටි වෙන්නපුව ප්‍රාදේශීය සභාවට තරඟ වැදීමට සුදානමින් සිටි එජාප අපේක්ෂකයින් පිරිසක් බරන්පොල මහතා ට බැනවැදී ඇති අතර එහිදී එම ස්ථානයේ යම් උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වාර්තා වන අන්දමට අදාළ නාම යෝජනා පත්‍රය සිරිකොත පක්ෂ මුලස්ථානයෙන් එළියට රැගෙන ආ නමුත් එය එජාප පක්ෂ කාර්යාලයේ තාප්පය මත තබා කිසියම් කටයුත්තක නිරත වී තිබේ.
කෙසේ වෙතත් පසුව එය රැගෙන ඒමට වෙන්නපුව එජාප සංවිධායකයාට අමතක වී ඇති බවයි සඳහන් වන්නේ.