පොලිස්පති, දේශබන්දුගෙන් නිදහසට කරුණු විමසයි.

 පොලිස්පති, දේශබන්දුගෙන් නිදහසට කරුණු විමසයි.

නීතීඥයින් පිරිසකට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ගොනු කිරීම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳව පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබේ.

නීතිපතිවරයා අධිකරණයට කරන ලදැයි කියන අතපෙවීම් හෙළා දකිමින් ජනවාරි 18 වැනිදා උද්ඝෝෂණයක් සංවිධානය කළ නීතිඥ පිරිසකට එරෙහිව කෙසෙල්වත්ත පොලිසිය බී වාර්තාවක් ගොනු කළේය.

බී වාර්තාවට අනුව ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක, නුවන් බෝපගේ, සේනක පෙරේරා ඇතුළු නීතීඥවරුන් පිරිසක් මැතිවරණ නීති පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් විරෝධතාවක් සංවිධානය කර ඇති බවට කෙසෙල්වත්ත පොලිසිය චෝදනා කරයි.

ඒ අනුව පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ හෝ පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාශයේ අනුදැනුමකින් තොරව බී වාර්තාව ගොනු කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් වාර්තාවක් කැඳවා ඇති බව පොලිසිය පවසයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංග මහවත්ත මහතා විසින් විභාග කිරීම වැළැක්වීමට නීතිපතිවරයා කටයුතු කිරීම හෙළා දකිමින් නීතිඥවරු මෙම විරෝධතාව සංවිධානය කළහ.

Newspedia 01

Related post