ජොන්ස්ටන්ගේ ගෝලයා නගරාධිපති ධුරයෙන් ඉවතට..

 ජොන්ස්ටන්ගේ ගෝලයා නගරාධිපති ධුරයෙන් ඉවතට..

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ එම ධූරයෙන් ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

එම නිවේදනයට අනුව 2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය සම්මත නොවීම සහ 2020 මහනගර සභා අයවැය සම්පාදනය සහ බලාත්මක කිරීමේ නියෝගවලට අනුකූල නොවීම හේතුවෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ධුරයෙන් ඉවත් කර ඇත.

නගරාධිපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීම 2022 දෙසැම්බර් 31 වැනිදා සිට ක්‍රියාත්මක වන බව ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම නගරාධිපති ධූරය පුරප්පාඩු වී ඇති බැවින් එහි රාජකාරි ආවරණය කිරීමේ වගකීම නියෝජ්‍ය නගරාධිපතිවරයාට පවරා ඇත.

Newspedia 01

Related post