බිත්තරයේ උපරිම සිල්ලර මිල හා තවත් කතා!

සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක උපරිම සිල්ලර මිලක් ඊයේ (20) සිට බලපැවැත්වෙන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
එමෙන්ම දෛනික බිත්තර හිඟය ජූනි මාසය වන විට අවසන් වනු ඇති බව වෙළෙඳ වානිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් ප්‍රියංක අතපත්තු මහතා පවසයි.
දැනට රට තුළ දෛනිකව බිත්තර මිලියන 3ක පමණ හිඟයක් පවතින බව ඒ මහතා සඳහන් කරන ලදී.