නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීම ඇරඹේ!

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දීමත් සමඟ එරට අග්‍රාමාත්‍ය ධූරය සඳහා ආණ්ඩු පක්ෂයේ නව පක්ෂ නායකයා තේරී පත්වනු ලබයි.
ඒ අනුව නවසීලන්ත කම්කරු පක්ෂයේ මීළඟ නායකයා ලෙස හිටපු අමාත්‍යවරයකු වන ක්‍රිස් හිප්කින්ස් තේරී පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් ධුරයෙන් ඉල්ලා අස්වූ පසු නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිප්කින්ස් තේරී පත්වනු ඇතැයි එම වාර්තාවල දැක්වේ.
හෙට (22) පැවැත්වෙන කම්කරු පක්ෂ රැස්වීමේදී නවසීලන්තයේ පක්ෂ නායකත්වයට තේරී පත්වීම සඳහා සාමාජිකයන්ගේ බහුතර සහාය ලබා ගත යුතු අතර මේ වනවිට පක්ෂ නායකත්වය සඳහා ඉදිරිපත්ව ඇත්තේ 44 හැවිරිදි හිප්කින්ස්ගේ නම පමණක් බවද පැවසේ.