ජනපති, ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයින් තිදෙනා පත්කරයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් 03 දෙනෙකු පත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ලෙස පත් කිරීමට යෝජනා කළ මෙම සිවිල් නියෝජිතයින් තිදෙනාට පසුගියදා පාර්ලිමේන්තුවේ අනුමැතියද හිමිවිය.
ඒ අනුව, ආචාර්ය ප්‍රතාප් රාමනූජම් මහතා, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර මහත්මිය හා ආචාර්ය වැලිගම විදාන ආරච්චිගේ දිනේෂා සමරරත්න මහත්මිය වසර 03 ක කාලයක් සඳහා ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් ලෙස කටයුතු කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.