හැරගිය පෙම්වතාට හෝ පෙම්වතියට වෛර නොකර ‘කැරපොත්තෙකුට නම් තබන්න’ අවස්ථාවක්!

රටම කම්පා කරමින් විශ්ව විද්‍යාල සිසුවියකව සිය පෙම්වතා විසින් ඝාතනය කිරීමේ සිදුවීමත් සමඟ මෙරට තරුණ ප්‍රජාවගේ ආදරය අහිමිවීම දරාගැනීමේ ශක්තිය පිළිබඳව බොහෝ විග්‍රහයන් ඇසෙන්නට දකින්නට හැකිවිය.
තරුණ මනසේ ඇතිවන චිත්තවේගයන් පාලනය කරගැනීම උදෙසා වැඩසටහන් ක්‍රියාත්මක කරවීම රටක් වශයෙන් අප කලයුතු ප්‍රධාන කරුණක් වන අතර එය සිදු නොකිරීමේ ප්‍රතිඵල සෑම දිනකම එක් සිදුවීමකින් හෝ දැකගැනීමට හැකි කාලයක් මෙරට උදාවී තිබේ.
මෙය තේරුම් ගනු ලැබූ කැනඩාව තරුණ තරුණියන්ට සිය හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය පිළිබඳව වෛර සිතුවිල්ලක් ඇති නොකරගෙන කටයුතු කිරීම සඳහා වැඩසටහනක් සංවිධානය කර තිබේ.
කැනඩාවේ ටොරොන්ටෝ නුවර සත්වෝද්‍යාන පාලකයින් විසින් මෙම අපූරු වැඩසටහන ආරම්භ කර තිබේ.
එහිදී හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි ගන්වමින්, ඔහුට හෝ ඇයට වෛර කිරීම වෙනුවට, ඔහුගේ හෝ ඇයගේ නමින් කැරපොත්තන් නම් කිරීමට මෙමගින් අවස්ථාව ලබාදී තිබේ.
‘කැරපොත්තකුට නම් තබන්න’ නමැති මෙම වැඩසටහන එලැඹෙන වැලන්ටයින් දිනයට සමගාමීව ක්‍රියාත්මක කරන බව එරට ආරංචි මාර්ග පවසයි.