පවිත්‍රාටත් – තොන්ඩමන්ටත් ඇමති ධූර!

අද දිනයේ නව අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම්දීමට නියමිත බවට අද(19) දින මාධ්‍ය වාර්තා පළවිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට හා ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන් මහතාට අමාත්‍ය ධූර පිරිනැමීමක් සිදුකර තිබේ.
ඒ අනුව, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජීවන් තොණ්ඩමන් මහතා දිවුරුම් දුන්නේ ය.
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙනු ලැබුවේ, පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම් සිදුකර තිබේ.