ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට!

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයිෂංකර් මහතා අද (19) දින කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ඒ මහතා දෙදින නිල සංචාරයක් මෙරට පැමිණි අතර ඒ සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සිව් දෙනෙකු ද පැමිණ සිටිති.
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.