අල්ලස් ගත් මාවනැල්ල පොහොට්ටු සභාපති තවදුරටත් රිමාන්ඩ්!

 අල්ලස් ගත් මාවනැල්ල පොහොට්ටු සභාපති තවදුරටත් රිමාන්ඩ්!

අල්ලස් චෝදනාවක් යටතේ පසුගිය දා අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් සහ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ හසිත තිලකරත්න නමැත්තා ලබන 31 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ අද සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කිරීමේන් අනතුරුවයි.

ගොඩනැගිලි සැලසුමක් අනුමත කරදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 20 ක අල්ලසක් ලබාගත් අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් අදාළ සැකකරුවන් දෙදෙනා මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළකදී අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

Newspedia 02

Related post