QR නොසළකන පිරවුම්හල් වලට වැඩ වරදී!

QR කේත ක්‍රමය නොසලකා හැර ඉන්ධන සපයන පිරවුම්හල් අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමඟ ඊයේ (16දා) පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.