“13 සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරනවා” – රනිල් යාපනේදී පොරොන්දු වෙයි!

 “13 සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරනවා” – රනිල් යාපනේදී පොරොන්දු වෙයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර පළාත් පාලන ඡන්දය සඳහා තම දායකත්වය ලබාදෙන බව මීට පෙර පවසා තිබිණ.

නමුදු ඊයේ (16) දින රනිල් වික්‍රමසිංහ මහතා විසින් යාපනය ප්‍රදේශයේ සිදුකළ සංචාරය හුදෙක් මැතිවරණය පාදක කරගෙන සිදුකරන ලද සංචාරයක් බවට බොහෝදෙනා චෝදනා කරයි.

මීට ප්‍රධාන හේතුව වූයේ ජනාධිපතිවරයා විසින් ඊයේ දින සංචාරයේදී ජනතාව අමතමින් 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම බලාත්මක කිරීමට කටයුතු කරන බවට පැවසීමයි.

ඉන්දියාවේ බලපෑමෙන් ක්‍රියාත්මක වී ඇති 13 ව්‍යවස්ථාව හේතුවෙන් පළාත් පාලන අංශ පිහිටුවීමට සිදුවීමෙන් මෙරට ආර්ථිකය පාලනය කිරීමට මේ වනවිට ගැටළු රැසක් ඇතිවී තිබීම හා එම බලයන් පාලනය කලයුතු බවට බොහෝ සාකච්ජා පවතින මොහොතක ජනාධිපතිවරයා විසින් මෙවැනි පොරොන්දු ලබාදෙනු ලබන්නේ මැතිවරණය අරඹයා බව එම චෝදනා මගින් කියවෙයි.

කෙසේ නමුදු ජනධිපතිවරයා විසින් එවැනි පොරොන්දු ලබාදුන්නද යාපනයේ ඊයේ දින ඇතිවූ විරෝධතා හමුවේ පෙනීයන්නේ තවදුරටත් මෙවැනි පොරොන්දු මගින් ජනතාව රවටා ඡන්දය ලබා ගැනීමට නොහැකි බවයි.

Newspedia 02

Related post