සනත් නිශාන්තට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනුකරයි!

 සනත් නිශාන්තට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනුකරයි!

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර ඇති බව නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

අදාළ චෝදනා පත්‍රය සකස් කොට මෝසමක් මඟින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ඊට අදාල සාක්ෂි ලැයිස්තුව හා වීඩියෝ දර්ශන ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබාදෙන ලෙසත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව පැමිණිල්ල නැවත පෙබරවාරි මස 23 වනදා කැඳවීමට ද නියම කළේය.

Newspedia 02

Related post