වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරයට..

 වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරයට..

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 31 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

වසන්තට එරෙහි චෝදනා ගොනු කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය.

ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රකාශ කළේ වසන්ත මුදලිගේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අයැදුම්පත සම්බන්ධයෙන් වන නියෝගය ජනවාරි 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද රැඳවුම් නියෝගයක් යටතේ මුදලිගේ දින 90ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටියේය.

Newspedia 01

Related post