මුදලිගේ වහාම නිදහස් කරන්න. ජාත්‍යන්තරයෙන් බලපෑම්!

 මුදලිගේ වහාම නිදහස් කරන්න. ජාත්‍යන්තරයෙන් බලපෑම්!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම නිදහස් කළ යුතු බවට මානව හිමිකම් සංවිධාන 7 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඔවුන් සිය නිවේදනය මඟින් පෙන්වා දෙන්නේ ආණ්ඩුව අත්තනෝමතික ලෙස ඔහු රඳවා තබා ගැනීම දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බවය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2022 අගෝස්තු 18 වනදා අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ මේ වන විට දින 150 ක කාලයක් රඳවා තබාගෙන ඇතත් ඔහුට එරෙහිව කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් නීතිය හමුවේ ඔප්පු කිරීමට බලධාරීන් අසමත්ව ඇති බවද අදාළ නිවේදනයේ දැක්වේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන් උල්ලංඝනය කරමින් රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම නිදහස් කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවයි

Newspedia 01

Related post