පොලිස් පෙම් පලහිලව්වෙන් WPC වහ බී රෝහලේ!

පොලිස් කොස්තාපල්වරියක හා එම පොලිස් ස්ථානයේම පොලිස් කොස්තාපල්වරයකු අතර පැවති ප්‍රේම සම්බන්ධතාවක් මත ඇතිවූ සිදුවීමක් හේතුවෙන් පොලිස් කොස්තාපල්වරිය කිසියම් දියර වර්ගයක් පානය කිරීම නිසා රෝගාතුරව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක මෙම සිදුවීම සිදුව තිබේ.
කොස්තාපල්වරිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා යන බව කියන කොස්තාපල්වරයා ඔහු සමඟ රාජකාරි කරන තවත් පොලිස් නිලධාරියකු සමග උසුළු විසුළු කරගෙන තිබේ.
මෙම විහිළු තහළු කරගැනීමට පොලිස් කොස්තාපල්වරිය ද සම්බන්ධ වීමෙන් පසු ඇය ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන යන කොස්තාපල්වරයා අතර බහින්බස් වීමක් සිදුව තිබේ.
මෙම බහින්බස් වීමෙන් පසු හිත බිඳුනු කොස්තාපල්වරිය දියර වර්ගයක් පානය කිරීමෙන් පසු රෝගාතුර වී කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.