පාඨලී – වෙල්ගම පසුපස ශ්‍රීලනිප පිරිසකුත්?

 පාඨලී – වෙල්ගම පසුපස ශ්‍රීලනිප පිරිසකුත්?

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තවත් පක්ෂ කිහිපයක් එක් වී හෙලිකොප්ටර් ලකුණ සහිතව නිර්මණය කරගනු ලැබූ ‘නිදහස් ජනතා සන්ධානය’ තුල රාජපක්ෂ දේශපාලනයක් ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වීමත් සමඟ එම සන්ධානය තුළ ගැටුම් ඇතිවී තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම මේ වනවිට ශ්‍රීලනිපය අභ්‍යන්තරයේද ගැටලු රැසක් ඇතිවී පවතින බව වාර්තා වේ.

මේ සමඟ ඊයේ දිනයේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු 43 සේනාංකය හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා එක්ව නව සන්ධානයක් ගොඩ නගාගනු ලැබිණ.

මෙම සිදුවීම් තුලදී වාර්තාවන නවතම දේශපාලනික ආරංචි මාර්ගය වන්නේ මේ වනවිට රාජපක්ෂවරුන්ගේ දේශපාලනික කුමන්ත්‍රණයකට හසුව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සාමාජිකයන් නව දෙනෙකු පමණ පිරිසක්, පාඨලී චම්පික රණවක මහතා හා කුමාර වෙල්ගම මහතා එක්ව පිහිටුවා ගත් නව සන්ධානයට එක්වීමේ වැඩි අවස්ථාවක් පවතින බව යන්නයි.

Newspedia 02

Related post