ඝාතනය වූ තරුණිය විශ්වවිද්‍යාල සිසුවියක්! – විශ්වවිද්‍යාල සිසුවෙක් අත්අඩංගුවට!

කොළඹ තුරඟ තරඟ පිටියේදී ඝාතනය කර තිබූ තරුණිය විශ්වවිද්‍යාල සිසුවියක් බවට පොලිස් පරීක්ෂණ වලදී වාර්තා වී තිබේ.
ඒ අනුව සිදුකල පරීක්ෂණ වලදී සිද්ධියට සැක කෙරෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.
සිසුවියකට උල් ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කුරුඳුවත්ත පොලීසියට ගෙනඒමට නියමිත බව වාර්තා වෙයි.
එම තරුණිය 24 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් බවත් විද්‍යා පීඨයේ තෙවැනි වසරේ සිසුවියක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.