මහා පරාජය ගැන වහාම වාර්තාවක් ඉල්ලයි

ඉන්දියාව සමග පැවති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේදී අත්වූ පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරුට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙන්නේ අදාළ වාර්තාව දින 5ක ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කළ යුතු බවය.
ඊයේ (15) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිරුවනන්පුරම් හි පැවති තෙවැනි එක්දින තරගය ලකුණු 317කින් ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර එක්දින ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් ලද විශාලම පරාජය ලෙසද වාර්තා පොත් අතරට එක් විය.