බෝර්න් අගේන් ලංකා ක්‍රිකට් වලට මොකද කළේ?

 බෝර්න් අගේන් ලංකා ක්‍රිකට් වලට මොකද කළේ?

Born Again නම් ආගමික කණ්ඩායමෙන් ශ්‍රි ලංකා ක්‍රිකට්වලට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්, එසේ නොකළහොත් මෙම ආගම හේතුවෙන් ක්‍රිකට් කණ්ඩායමට යම් බලපෑමක් සිදුවිය හැකි බව නිරීක්ෂණය වී ඇතැයි ඒ සම්බන්ධයෙන් පත් කළ පරීක්ෂණ මණ්ඩලය පවසයි.

ඔස්ට්‍රේලියාවේ පැවැති සීමිත ඕවර 20-20 ක්‍රිකට් ලෝක කුසලාන සංචාරය සහ Born Again ආගමික කණ්ඩායමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට වී ඇති බලපෑම සම්බන්ධනේ විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පංච පුද්ගල විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් මින් පෙර පත් කළේය.

මේ වනවිට ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත ලබා දී ඇති මෙම පරීක්ෂණ වාර්තාවේ Born Again කණ්ඩායම හේතුවෙන් වූ බලපෑම පිළිබඳව කළ නිරීක්ෂණයේ පරිච්ඡේදයක් ලෙස ඇතුළත් කර ඇති අතර, එයින් කියවෙන්නේ මෙම ආගමේ නායකයකු වන ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා පරීක්ෂණ මණ්ඩලය හමුවට කැඳවූ බවත් එහිදී තමන්ට ක්‍රිකට් ක්‍රිඩකයන් සමඟ පවතින සම්බන්ධය පිළිබදව වාර දෙකකදී පරස්පර ප්‍රකාශ සිදු කළ බවත් ය.

Newspedia 01

Related post