‘සීතාවක ඔඩිසි’ ගමන් අරඹයි..

 ‘සීතාවක ඔඩිසි’ ගමන් අරඹයි..

දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ කළේය.

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අතර පස්වරුවේ නැවත කොළඹ කොටුව බලා ධාවනය කිරීමට නියමිතය.

දුම්රිය පළමු ධාවනය කිරීමේ අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

Newspedia 01

Related post