ගංජාවලින් වැඩ තහනම් වූ SSP වෙනුවට මොණරාගලට අලුත් කෙනෙක්

 ගංජාවලින් වැඩ තහනම් වූ SSP වෙනුවට මොණරාගලට අලුත් කෙනෙක්

මොණරාගල පොලිස් කොට්ඨාසයේ නව පොලිස් අධිකාරීවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතා පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් පත්කොට ඇත.

බුද්ධි උඩුගමසූරිය මහතා මීට පෙර ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතුකර තිබේ.

නව පොලිස් අධිකාරීවරයා හෙට (16) මොණරාගල පොලිස් අධිකාරී කාර්යාලයේදී සිය ධූරයේ වැඩ භාරගැනීමට නියමිතය.

මොණරාගල කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළ එම්.බී.එස්.එස් සිසිර කුමාර මහතා වැඩතහනමට ලක්වීම නිසා අදාල තනතුර පුරප්පාඩුව පැවතිණි.

Newspedia 01

Related post