ඇතිමලේ ස්ථානාධිපතිගේ ද වැඩ තහනම්!

 ඇතිමලේ ස්ථානාධිපතිගේ ද වැඩ තහනම්!

මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සිදුවීමට සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු ඇතිමලේ පොලිස් ස්ථානාධිපති සංජය ධර්මදාසගේ වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබේ.

ස්ථානාධිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නේ පසුගිය බ්‍රහස්පතින්දා ය. ඒ මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාගේ නිල නිවසේ තිබී කංසා පැලෑටි 600 කට වඩා සොයාගැනීමේ සිදුවීමට අදාළවය.

මින් පෙර, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සහ තවත් සිවිල් වැසියන් තිදෙනෙක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණින.

පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර ගේ වැඩ තහනම් කිරීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කළේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කුමාර, ඇතිමලේ පොලිස් ස්ථානාධිපති ධර්මදාස, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ රියදුරු සසිඳු මධුෂාන් ඇතුළු සැකකරුවන් ජනවාරි 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොණරාගල දිසා විනිසුරු සජිනි අමරවික්‍රම මහත්මිය නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Newspedia 01

Related post