ඉන්දියාවෙන් බිත්තර ආනයනයට අවසර නොදෙයි!

 ඉන්දියාවෙන් බිත්තර ආනයනයට අවසර නොදෙයි!

බිත්තර ආනයනය කිරීමේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය අනිවාර්ය වන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම කිසියම් රටකින් බිත්තර ආනයනය කරන්නේ නම් අදාළ රට කුරුලු උණ රෝගයෙන් තොර රටක් විය යුතු බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි.

ඉන්දියාවේ පසුගිය කාලවකවානුව තුළම කුරුලු උණ රෝගය වාර්තා වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා ආනයන අපනයන පාලක ජනරාල්ට ඊට අවශ්‍ය නිර්දේශ ලබාදිය නොහැකි බව ඒ මහත්මිය වැඩිදුරටත් පවසා සිටියේය.

Newspedia 02

Related post