ශ්‍රීලනිපය තනිකර ‘හෙලිකොප්ටරය’ කඩා වැටෙයි! – ඩලස් – රාජපක්ෂ ගේම් එක මාට්ටු!

 ශ්‍රීලනිපය තනිකර ‘හෙලිකොප්ටරය’ කඩා වැටෙයි! – ඩලස් – රාජපක්ෂ ගේම් එක මාට්ටු!

පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, නිදහස ජනතා සභාව, උත්තර සභාගය හා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත‍්‍රී කණ්ඩායම ඇතුළු පාර්ශව කිහිපයක් එක්වී ‘හෙලිකොප්ටරය’ ලකුණ සහිතව පසුගියදා ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් නව සන්ධානයක් පිහිටුවා ගනු ලැබිණ.

නමුදු මේ වනවිට එම සන්ධානය පටන් ගත් තැනම විනාශ වී යාමේ සිදුවීම් එම සන්ධාන අභ්‍යන්තරයෙන් සිදුව ඇති බව විශ්වාසදායක දේශපාලන ආරංචි මාර්ග හරහා වාර්තා වෙමින් තිබේ.

එහිදී මෙම නව ‘නිදහස් ජනතා සන්ධානය’ හුදෙක්ම තවත් රාජපක්ෂවරුන් විසින් මෙහෙය වන්නක් බවත් ඩලස් අලහපෙරුම මහතා විසින් රාජපක්ෂවරුන් සමඟ අභ්‍යන්තර දේශපාලන ‘ගේම්’ එකක් සිදුකර ඇති බවට සන්ධාන අභ්‍යන්තරය ගිනි ඇවිලවීමට හේතු වී තිබේ.

එපමණක් නොව මෙම සන්ධානය තුළ රාජපක්ෂවරුන්ගෙන් තවදුරටත් මිදුණු දේශපාලනයක් ඇති කිරීමේ අරමුණෙන් සම්බන්ධ වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් බවත් මේ වනවිට ඔවුන් සන්ධානය තුළ ඇතිවූ කුමන්ත්‍රණය සැලවීමත් සමඟ තනිවී ඇති බව ඒම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න…

Newspedia 02

Related post