‘රා’ සැණකෙළියක් ලඟදීම!

මෙරට ප්‍රසිද්ධ සමාගමක් විසින් රා සැණකෙළියක් පැවැත්වීමට තමන්ගෙන් අවසර ඉල්ලා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.
ඒ සඳහා දිනයක් වෙන් කරන ලද බවත් මෙය විදේශිකයන්ට පොල්, තල්, කිතුල් රා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කරන කාර්යයක් බවත් හෙතෙම පැවසීය.
දැනට මෙරට මද්‍යසාර ලෝකයේ රටවල් 35ක පමණ අපනයනය කරන බවද ඔහු පෙන්වා දෙයි.
ඔහු මේ බව කියා සිටියේ සුරාබදු දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකට එක්වෙමිනි.
“අපට තියෙන ලොකුම ගැටලුව විනිමය හිඟයයි. මේකට විසඳුමක් විදියට දේශීය මද්‍යසාර අපනයනය ගැන අපි අවධානය යොමු කරමු කියල යෝජනා කළා. දැනට දේශීය මද්‍යසාර ලෝකයේ රටවල් 35කට විතර අපනයනය කරනවා. 2021 වසරේ දී දේශීය මද්‍යසාර අපනයනය කරල ලැබුණ ආදායම ඩොලර් මිලියන 20ක්. 2022 දී එය ඩොලර් මිලියන 21ක දක්වා ඉහළ ගියා.
විශේෂයෙන් ම කිතුල් රා සහ තල් රා සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ රටේ ප්‍රසිද්ධ සමාගමක් මෑතකදි ඇහුව රා සැණකෙළියක් පවත්වන්න. ඇත්තටම මම ඒ සඳහා සාකච්ඡාවකට දිනයකුත් වෙන් කළා. මේක විදේශිකයන් සඳහා පොල්, තල් සහ කිතුල් රා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් කරන වැඩක්.
පසුගිය දා අපි අවසර දුන්න සයිඩර් කියන බීම වර්ගය අපනයනය කරන්න. මේක නිර්දේශ කරන්නෙ මෙරට පළතුරුවලින් හදන බීමක් විදියට. අපේ පළතුරුවලටත් හොඳයි අපනයනයටත් හොඳයි. කිරි පොන්සා (Milk Punch) කියල තවත් ජාතියකට අවසර දුන්නා. ”