මත්ද්‍රව්‍ය ජාවාරමක තරුණයන් දෙදෙනෙකු මරා වල දමලා!

 මත්ද්‍රව්‍ය ජාවාරමක තරුණයන් දෙදෙනෙකු මරා වල දමලා!

මාවනැල්ල ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු රඹුක්කන, හුරිමළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස ඝාතනය කර වළ දමා ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

පොලීසිය පවසන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මුදල් නොගෙවීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් මෙම ඝාතන සිදු කර ඇති බවය.

ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන්නේ වයස අවුරුදු 28 සහ 29 යන වයස්වල පසුවන මියගිය පුද්ගලයින් දෙදෙනා මාවනැල්ල කිරිංගදෙණිය සහ කෙරමිනිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් 2022 නොවැම්බර් 18 සහ 25 යන දිනවල සිට අතුරුදන්ව ඇති බවට වාර්තා වේ.

අතුරුදන් වූවන්ගේ දෙමාපියන් විසින් 2022 දෙසැම්බර් 7 වන දින පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර, එහිදී ඔවුන් තම දරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට ද, පොලිසියට දන්වා ඇත.

තම දරුවන් රඹුක්කන, හුරිමළුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගන්නා බවට තමන් දැන සිටි බවද එම මවුපියන් පොලිසියට අනාවරණය කර තිබිණි.

මාවනැල්ල පොලීසිය සහ කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව පරීක්ෂණ පවත්වා නිවස සොයා ගැනීමෙන් අනතුරුව ඔවුන් බදාදා (11) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඊයේ (12) එම නිවසට පැමිණීමෙන් අනතුරුව මූලික විමර්ශන ආරම්භ කර තිබේ.

තරුණයන් දෙදෙනා ඝාතනය කර රඹුක්කන ප්‍රදේශයේ නිවස පිටුපස තිබූ කුකුළු කූඩුව යට වළදමා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පොලිසිය විසින් මළ සිරුරු දෙක ගොඩගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වෙත යවා ඇත.

Newspedia 01

Related post