බැසිල් පොහොට්ටුව අතහරී! වී කරල අතට ගනී?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණ සඳහා සන්ධානගත වී තරග කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, එම පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය, තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය සහ ඒ.එල්.එම්. අතාවුල්ලා නායකත්වය දරන ජාතික කොංග්‍රසය මෙසේ සන්ධානගත වීමට නියමිතය.
‘පොහොට්ටුව’ ලකුණ වෙනුවට ‘වී කරල’ මෙම සන්ධානයේ නිල ලාංඡනය ලෙස භාවිතා කරන බව ද, බැසිල් රාජපක්ෂ සුපුරුදු පරිදි මැතිවරණ මෙහෙයවන බව ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.