ජනපති මැදුරේ තිබූ සල්ලි මිටි ගැන ගෝඨාගෙන් ප්‍රකාශයක්!

 ජනපති මැදුරේ තිබූ සල්ලි මිටි ගැන ගෝඨාගෙන් ප්‍රකාශයක්!

2022 වසරේ පැවති මහජන විරෝධතා අතරතුර ජනාධිපති නිල නිවසේ තිබී සොයා ගත් මුදල් තොගයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස පොලීසියට නියෝග කර තිබේ.

සිද්ධියට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසය වෙත මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

2022 ජුලි මාසයේ මහජන විරෝධතා වලින් පසුව, ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් කිහිප දෙනෙකු කොටුවේ ජනාධිපති නිල නිවසට කඩා වැදීමෙන් පසු එහි තිබී රුපියල් මිලියන 17.5 කට ආසන්න මුදලක් සොයා ගන්නා ලදී.

ඉන් අනතුරුව එම මුදල් ගණන් කර විරෝධතාකරුවන් විසින් කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත භාර දෙන ලදී.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිසියට නියෝගයක් නිකුත් කළේය.

Newspedia 01

Related post