75 වන නිදහස් දිනය වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක්!

 75 වන නිදහස් දිනය වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක්!

“නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාව යටතේ පැවත්වෙන මෙවර 75 වන නිදහස් දිනයට සමගාමීව දළදා ප්‍රදර්ශනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ශ්‍රී දළදා ප්‍රදර්ශනය ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ දී මාර්තු මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

මේ අතර 75 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව සංස්කෘතිකාංග සහ ආගමික වැඩසටහන් රැසක් දීපව්‍යාප්තව සංවිධාන කර තිබේ.

Newspedia 02

Related post