මෙරට 40% ක් සමෘද්ධිය ගන්නේ හොරටලු!

 මෙරට 40% ක් සමෘද්ධිය ගන්නේ හොරටලු!

ලෝක බැංකු සමීක්ෂණයක් මගින් ශ්‍රී ලංකාවේ සමෘද්ධිලාභීන්ගෙන් 40% ක් සමෘද්ධිය ලැබීමට නුසුදුසු පුද්ගලයන් බවට හඳුනාගෙන ඇති බව රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

එහිදී සුබසාධක ප්‍රතිලාභ ගෙවීම විනිවිදබාවයකින් සිදුකිරීමට නිවැරදි දත්ත සහිත ලේඛනයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව කාරක සභාවේදී යෝජනා වී තිබේ.

සමෘද්ධිලාභීන් සම්බන්ධයෙන් වැරදි තොරතුරු දෙන නිලධාරීන් දඬුවමකට යටත් කළ හැකි බව පැවසූ කමිටුව නිවැරදි දත්ත ලේඛනයක් පවත්වාගෙන යෑම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක්ද වන හෙයින් එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම වැදගත් බව ප්‍රකාශ කළේය.

Newspedia 02

Related post