මෙගාවොට් 165 ක් අහිමි කර, කැලණිතිස්ස අද රෑ සිට නවතී!

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අද (12) රාත්‍රියේ සිට තාවකාලිකව අක්‍රිය කිරීමට සිදුවන බව එම බලාගාරයේ ඉංජිනේරුවන් මාධ්‍යට පවසා තිබේ.
මෙසේ බලාගාරය අක්‍රිය කිරීමට හේතුවී ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ‘නැප්තා’ ලබානොදීම නිසා බව ඔවුන් පවසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඉංජිනේරුවන් පවසා සිටියේ ඛනිජ තෙල් සංස්ථාව සතුව මේ වන විටත් නැප්තා ලීටර් මිලියන හය හමාරක තොගයක් ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩලය සතුව මුදල් නොමැති නිසා මෙලෙස නැප්තා ලබානොදෙන බවයි.
මෙම බලාගාරය ක්‍රියා විරහිත වීම තුළින් ජාතික පද්ධතියට මෙගාවොට් 165 ක් අහිමිවන බවත් එම ප්‍රමාණය සෙවීමට විකල්ප මාර්ගවලට යාම තුළින් පවතිනවටත් වඩා වැඩි ගැටලු ඇතිවන බව එම ඉංජිනේරුවෝ පෙන්වා දෙයි.