පොලිස් අත්අඩංගුවේ සිටි රජයේ නිලධාරියා ප්‍රශ්න කිරීම් වලදී මියයයි!

පොලිස් අත්අඩංගුවට පත්වූ නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකාරවරයෙකු ප්‍රශ්න කිරීම් තුළදී ජීවිතක්ෂයට පත්ව ඇති සිදුවීමක් වාර්තා වේ.
අදාළ රාජ්‍ය නිලධාරියා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ පරීක්ෂණයකදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක් හමුවීම හේතුවෙන් බව පොලීසියෙන් පවසයි.
එමෙන්ම පොලිසිය විසින් වැඩිදුරටත් පවසා සිටියේ ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායක පොඩි ලැසීගේ ඥාතියෙකු බවත් ඔහු විසින් පොඩි ලැසීගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇතිබවට හෙළිවීම තුළින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත්ය.
ඒ අනුව අත්අඩංගුවට ගත් කළමනාකාරවරයා ප්‍රශ්න කිරීම් හමුවේ කලහකාරී ලෙස හැසිරී වීදුරු බෝතලයක් කඩා පොලිස් නිලධාරියෙකුට තුවාල කර ඇති බවත් එහිදී ඇතිවූ සිදුවීමක් හේතුවෙන් සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදි ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය සඳහන් කරයි.
එසේම මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියාද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
අවුරුදු 41ක් වයසැති හික්කඩුව පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා මරදාන පොලීසිය සිදුවීම ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.