පාස්කු ප්‍රහාරය: මෛත්‍රී ඇතුළු පිරිසට දඬුවම් නියම කරයි! – රනිල් ගැලවෙයි!

 පාස්කු ප්‍රහාරය: මෛත්‍රී ඇතුළු පිරිසට දඬුවම් නියම කරයි! – රනිල් ගැලවෙයි!

2019 වසරේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

කෙසේ නමුදු එවකට අගමැතිවරයා වී සිටි රනිල් වික්‍රමසිංහ මහතා, වර්තමාන ජනාධිපතිවරයා වීම හේතුවෙන් ඔහු මෙම නඩුවේ විත්තිකාරයෙකු නොවිය.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහවරුන්ට මෙම චෝදනාව එල්ල වී තිබේ.

එමෙන්ම එම නඩු තීන්දුව මගින්

  • හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුපියල් මිලියන 100ක්
  • හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75ක්
  • හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක්
  • හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10ක්

සිය පුද්ගලික මුදල්වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවට නියෝග කර තිබේ.

මෙම වන්දි මුදල් වලට අමතරව රජය විසින් මිලියනයක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවත් නඩු තීන්දුව මගින් නියෝග කර තිබේ.

එමෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇත.

බෝම්බ ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා මිය ගිය පියකු වන නන්දන සිරිමාන්න, සංචාරක ව්‍යපාරිකයකු වන ජනත් විදානගේ, සරත් ඉද්දමල්ගොඩ ඇතුළු කතෝලික පියතුමන්ලා තිදෙනෙකු, ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ මෝදිත ඒකනායක ඇතුළු පිරිසක් විසින් ගොනුකරනු ලැබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ මෙම නියෝගය නිකුත් කර තිබේ.

සම්පුර්ණ නඩු තීන්දුව මෙතැනින්…

Newspedia 02

Related post