ධනුෂ්ක ගුණතිලකගේ නඩුව යළි කල්යයි!

ලිංගික අතවර චෝදනාවකට සිරගතව සිට මේ වනවිට ඇප මත නිදහස්ව සිටින ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව නැවත කල්දමා තිබේ.
අද (12) දින සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව කැඳවූ අවස්ථාවේදී පෙබරවාරි 23 වැනිදා දක්වා නැවත කල් දැමීම සිදුකර තිබේ.
සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වෙනිදා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට පත්වුණි.